ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන විවෘත කෙරේ

ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රතිසංස්කරණය කළ රන් වියන විවෘත කෙරේ

by Staff writer 26-08-2018 | 5:05 PM
COLOMBO (News 1st) : ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ රන් වියන ද අද පෙරවරුවේ විවෘත කෙරිණ. ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. දළදා සමිදුන්ට සෙවන සලසන රන් වියන ප්‍රතිසංස්කරණය කෙරුණේ වසර 16 කට පසුවයි. ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන යටතේ රන් වියන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 45කි. මෙහිදී ජනාධිපතිවරයා රන් වියන ප්‍රතිසංස්කරණය කළ ශිල්පීන් ඇගයීමට ලක් කළේ ය.