විදුලි හොරුන්ට රු. කෝටි 11ක දඩ

විදුලි හොරුන්ට රු. කෝටි 11ක දඩ

by Staff writer 26-08-2018 | 5:53 PM
COLOMBO (News 1st) : විදුලිය සොරකම් කරන ලද පුද්ගලයින්ගෙන් ලංකා විදුලිය බල මණ්ඩලය රුපියල් මිලියන 118 මුදලක් අයකරගෙන ඇතැයි, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, පසුගිය වසරේ එවැනි පුද්ගලයින් 3600කට එරෙහිව නඩු පැවරූ බවයි. ඒ අනුව අධිකරණයෙන් නියම කරන ලද දඩ වශයෙන් රුපියල් මිලියන 118 ක මුදලක් අය කරගෙන තිබේ. මොවුන් විවිධ ක්‍රම භාවිත කරමින් වංචනිකව විදුලිය ලබාගෙන ඇතැයි ද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ය. මේ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ වැටලිම් ඒකකය පසුගිය සතියේ පෑළියගොඩ ප්‍රදේශයේ කරන ලද වැටලීම්වලින් නිවාස හිමියන් 114කට එරෙහිව නඩු පවරා තිබේ.