වැලිකඩ ගැටුමට මුල බාහිර බලපෑමක්....?

වැලිකඩ ගැටුමට මුල බාහිර බලපෑමක්....?

by Staff writer 26-08-2018 | 7:03 PM
COLOMBO (News 1st) : වැලිකඩ බන්ධනාගාරයේ පසුගිය දා ඇතිවූ කළහකාරී සිදුවීම් බාහිර සංවිධානයක බලපෑම් මත සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු මිය යාම ස්වභාවික මරණයක් බව මේ වන විට තහවුරු වී තිබේ. තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, බන්ධනාගාර අභ්‍යන්තර බලපෑම් මත එම මරණය සිදුව ඇති බවට අසත්‍ය ප්‍රචාර පතුරවමින් රැඳවියන් අතර නොසන්සුන්තාවක් ඇති කිරීමට අදාළ සංවිධානය සැලසුම් කරමින් ඇති බවයි. තුෂාර උපුල්දෙණිය, වැලිකඩ බන්ධනාගාරය, කළහකාරී සිදුවීම, බන්ධනාගාර දෙපාර්තමේන්තුව