වැඩ වර්ජන හේතුවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇහිරෙයි

වැඩ වර්ජන හේතුවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇහිරෙයි

by Staff writer 26-08-2018 | 8:01 AM
COLOMBO (News 1st) - නිරන්තරයෙන් සිදු වන වැඩ වර්ජන හේතුවෙන් මෙරට ආයෝජන අවස්ථා ඇහිරී ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේ, පසුගිය වසර කිහිපය සමග සැසඳීමේදී මෙරට විදේශ ආයෝජන අඩාල වී ඇති බව ය. වැඩ වර්ජන හේතුවෙන් රට විශාල වශයෙන් ආර්ථික පරිහානියකට ලක්වන බව ද මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා සඳහන් කළේ ය.