by Staff writer 26-08-2018 | 7:18 PM
COLOMBO (News 1st) : මාලිගාවත්ත ජුම්මා හන්දිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, අද පස්වරු 6.30ට පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
වෙඩි වැදීමෙන් 30 හැවිරිදි කාන්තාවක මිය ගොස් ඇතැයි, පොලීසිය සඳහන් කළේ ය.
පොලීසිය පැවසුවේ, යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පළා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
https://www.youtube.com/watch?v=8UFgrhmGagM