ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 26-08-2018 | 7:53 AM
COLOMBO (News 1st) 1. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු ඊයේ සිදු කෙරුණි. දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ⁣මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ පෙරවරුවේ එහි පැමිණියේ ය. 2. දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් ඇතුළු සැකකරුවන් 3099 ක් අත්අඩංගුවට ගෙන තිබේ. 3. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු සිර මැදිරියක් තුළදී මිය ගොස් තිබේ. 4. පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලු සාගරගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. 5. ආනයනික රත්‍රං බද්ද 50%කින් අඩු කිරීමට අවධානය යොමු වී ඇතැයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. විදෙස් පුවත් 6. ගංවතුර තත්ත්වය පහව යාමත් සමගම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය සර්ප උවදුරකට මුහුණ පා තිබේ.