"ගෑස් මිල ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍යයි"

ගෑස් මිල ඉහළ ගොස් ඇති බවට පළ වන වාර්තා අසත්‍යයි - කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය

by Staff writer 26-08-2018 | 7:20 AM
COLOMBO (News 1st) - ගෑස් මිලෙහි කිසිදු වෙනසක් සිදු කර නොමැති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය පවසයි. එහි ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ, රුපියල් 158කින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ ගොස් ඇති බවට පළ වන මුද්‍රිත සහ වෙබ් මාධ්‍ය වාර්තා අසත්‍ය බව ය. මිල ඉහළ දැමීම සඳහා ගෑස් සමාගම්වලින් මේ වන විටත් ඉල්ලීම් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව මිල සංශෝධනයක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ ද යන්න සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය යටතේ අධ්‍යයනයක් ආරම්භ කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් කළේ ය.