කුඩු ළඟ තබා ගත් අයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

කුඩු ළඟ තබා ගත් අයෙක් බොරැල්ලේදී අත්අඩංගුවට

by Staff writer 26-08-2018 | 3:54 PM
COLOMBO (News 1st) : බොරැල්ල සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 30 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගත් බවයි. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි. මේ අතර ඇඹිලිපිටිය මහපෑලැස්ස ප්‍රදේශයේදී හෙරොයින් සමග පුදගලෙයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු සන්තකයේ තිබී හෙරෝයින් ග්‍රැම් 15 පමණ අත්තඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරු ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකි.