කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට

කැරම් ලෝක කුසලානයේ පිරිමි ශූරතාව ශ්‍රී ලංකා කණ්ඩායමට

by Staff writer 26-08-2018 | 8:32 PM
COLOMBO (News 1st) : දකුණු කොරියාවේ පැවති කැරම් ලෝක කුසලාන තරගාවලියේ පිරිමි ශූරතාව හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් විය. ඒ අවසන් තරගයේදී ඉන්දිය කණ්ඩායම වට 2 ට 1ක් ලෙස පරාජයට පත් කරමිනි. චමිල් කුරේ නායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට නිෂාන්ත ප්‍රනාන්දු, මොහොමඩ් ශෂීඩ් සහ උදේෂ් ශෂික මෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළහ. මේ අතර එහි කාන්තා කණ්ඩායම් අංශයේ අනුශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. යෂිකා රාහුබැද්ද මෙහෙය වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් තරගයේදී ඉන්දියාව හමුවේ පරාජය වුණේ වට 3 ට 0 ක් ලෙසයි. ජොසප් රොෂිටා, චලනි ලියනගේ සහ මධූෂා රාමනායක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.