ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

ඉරානයේ ප්‍රබල භූ කම්පනයක්

by Staff writer 26-08-2018 | 7:40 AM
(News 1st) - ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි ඉරානයේ කර්මන්ෂා පළාතේ සිදු වූ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයෙකු මිය ගොස් තවත් 58 දෙනෙකු තුවාල ලබා තිබේ. භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන් වූයේ මැග්නිටියුට් ඒකක 6.1ක් ලෙසයි. ඉරාකයේ බැග්ඩෑඩ් නුවරට ඉන් බලපෑම් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. මේ හේතුවෙන් සිදු වූ ජීවිත සහ දේපළ හානිය තවත් ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය පවසයි.