වැලිකඩ සිර මැදිරියක් තුළ රැඳවියෙකු මියයයි

වැලිකඩ සිර මැදිරියක් තුළ රැඳවියෙකු මියයයි

by Staff writer 25-08-2018 | 4:25 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියෙකු සිර මැදිරියක් තුළදී මියගොස් තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, හෘදයාබාධයකින් ඇය මිය යන්නට ඇති බවට සැක පළ කරන බවයි. මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවකි. ඇය මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරුවීම හේතුවෙන් සිර දඬුවමකට ලක් ව සිටි කාන්තාවක් බව උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය. ඇගේ සිරුර මේ වනවිට කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට නියමිත වේ.