වරකාපොල රථවාහන තදබදයට විසඳුම්

වරකාපොල නගරයේ රථවාහන තදබදය අවම කිරීමට විකල්ප මාර්ග හඳුන්වා දෙයි

by Staff writer 25-08-2018 | 5:24 PM

COLOMBO (News 1st) - වරකාපොල නගරයේ දෛනිකව පවතින දැඩි මාර්ග තදබදයට විසඳුම් ලෙස පොලීසිය විකල්ප මාර්ග හඳුන්වා දී තිබේ.

පොලීසිය සඳහන් කළේ අනුරාධපුරය, පොළොන්නරුව හා කුරුණෑගල දෙසට ධාවනය වන මගී බස්රථ හැර සියලුම රථවාහන එම විකල්ප මාර්ගය භාවිත කරමින් මාර්ග තදබදය අවම කිරීමට සහාය වන ලෙසයි. ඒ සඳහා පස්යාල හන්දියෙන් ගිරිඋල්ල මාර්ගය භාවිත කරන ලෙස පොලීසිය රියැදුරන්ට දැනුම් දෙයි.