මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් අත්අඩංගුවට

දිවයින පුරා කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් අත්අඩංගුවට

by Staff writer 25-08-2018 | 4:53 PM

COLOMBO (News 1st) - දිවයින පුරා ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 700 ක් ඇතුළු සැකකරුවන් 3099 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, එහිදී විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 842 ක් අත්අඩංගුවට ගත් බවයි. අපරාධ වැළැක්වීම සහ රිය අනතුරු අවම කිරීම සඳහා පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රි 9.00 සිට අද උදෑසන 8.00 දක්වා මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ය.