අධිවේගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක්

දක්ෂිණ අධිවේගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක්

by Staff writer 25-08-2018 | 11:24 AM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ පිවිසුම් ආශ්‍රිතව දැඩි රථ වාහන තදබදයක් හට ගෙන තිබේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා පැවසුවේ කඩවත, අතුරුගිරිය, පින්නදූව හා ගොඩගම පිවිසුම් හා පිටවීමේ මාර්ගවල එම තදබදය හට ගෙන ඇති බව ය. දෛනිකව දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන වාහන සංඛ්‍යාව 70,000කි. නමුත් අද දිනයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු කරන වාහන සංඛ්‍යාව 110,000 දක්වා ඉහළ යෑම රථ වාහන තදබදයක් හට ගැනීමට හේතු වී ඇතැයි එස් .ඕපනායක මහතා සඳහන් කළේ ය. මේ හේතුවෙන් රථ වාහන ධාවනයේදී විමසිලිමත් වන්නැයි ඔහු රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.