ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 25-08-2018 | 7:21 AM
COLOMBO (News 1st) 1. හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිව් දෙනා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ඊයේ ඇප මත මුදා හැරිණි. 2. පළාත් සභා මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කිරීමේ කමිටු වර්තාව ඊයේ පාර්ලිමේන්තුවේදී පරාජය විය. 3. විගණකාධිපතිවරයාගේ වැටුප පාර්ලිමේන්තුවේ අනුමත නොකිරීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිලි කරන බව විගණන සේවා සංගමය පවසයි. 4. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබී ය. විදෙස් පුවත් 5. ස්කොට් මොරිසන් ඔස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි. ක්‍රීඩා පුවත් 6. පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව වර්ධනය කළ හැකි බවට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පවසයි.