ගමේ පොල් කොළඹදී ගිනි ගණන්

ගමේ පොල් කොළඹදී ගිනි ගණන්

by Staff writer 25-08-2018 | 9:19 PM

COLOMBO (News 1st) - පොල් මිල පහත බැස තිබුණ ද ඇතැම් ප්‍රදේශවල තවමත් පොල් මිල ඉහළ බව පාරිභෝගිකයින් පවසති.

පොල් ත්‍රිකෝණය ආශිත ප්‍රදේශවල මේ දිනවල පොල් ගෙඩියක මිල රුපියල් 20.00 සිට 30.00 දක්වා අගයක පවති. පසුගිය මාස කිහිපයේ කොළඹ නගරය ඇතුළු තදාසන්න ප්‍රදේශවල පොල් ගෙඩියක මිල රුපියල් 100.00 ක් පමණ දක්වා ඉහළ ගියේ ය. මේ වන විට එම පොල් මිලේ විශාල අඩුවීමක් දක්නට ලැබේ. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති කපිල යකන්දාවල මහතා පවසුවේ, මේ දිනවල පොල් නිෂ්පාදනයේ යම් වැඩිවීමක් පවතින බවයි. එහි ප්‍රතිලාභ අතරමැදියන් විසින් ලබාගැනිම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තව දුරටත් පොල් මිල ඉහළ අගයක පවතින බව ඒ මහතා සඳහන් කළේ ය. එමෙන්ම මේ දිනවල කිසිදු අයුරකින් පොල් මද ආනයනයක් සිදු නොකරන බව ද යකන්දාවල මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/280292642570933/