ගම්මැද්ද V-Force දෙවන අදියර මීගමුවේදී

ගම්මැද්ද V-Force දෙවන අදියර මීගමුවේදී

by Staff writer 25-08-2018 | 9:06 AM
COLOMBO (News 1st) - මෙරට තරුණ නායකයින් බලගැන්වෙන ගම්මැද්ද නවතම ක්‍රියාන්විතය V-Force දෙවැනි අදියර අද මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළේදී පැවැත්වේ. ඒ, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන විශාල පිරිසකගේ සහභාගීත්වයෙනි. විවිධ අපද්‍රව්‍ය හේතුවෙන් අපවිත්‍ර වී ඇති මීගමුව මුහන්දිරම්පිටිය කලපු තොටුපොළ පවිත්‍ර කිරීම ඒ යටතේ සිදු වේ. මීගමුව මහ නගර සභාව, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ඒ - ෆෑඩ් සංවිධානය මෙවර ගම්මැද්ද V-Force සමග අත්වැල් බැඳගෙන සිටීම විශේෂත්වයකි.