by Staff writer 25-08-2018 | 11:38 AM
(News 1st) - ගංවතුර තත්ත්වය පහව යාමත් සමගම ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය සර්ප උවදුරකට මුහුණ පා තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ජලයෙන් යට වූ ප්‍රදේශවල පිහිටි නිවාස සහ කඳවුරු ආශ්‍රිතව විවිධ වර්ගයේ සර්පයින් සහ ගොනුස්සන් බහුලව වාර්තා වන බව ය.
මේ හේතුවෙන් ප්‍රාන්ත වැසියන් තවදුරටත් පීඩාවට පත් වී ඇති අතර මෙම තත්ත්වය වැළැක්වීමේ අරමුණින් සර්පයින් ඇල්ලීමේ කණ්ඩායම් යෙදවීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
එරට මාධ්‍ය වාර්තා කළේ, සර්ප විස සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඖෂධ ප්‍රාන්ත රෝහල් වෙත ලබා දීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බව ය.
පසුගියදා සියවසේ දරුණුතම ගංවතුර තත්ත්වයට මුහුණ දුන් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් 350කට අධික පිරිසක් මිය ගොස් දස ලක්ෂයකට අධික පිරිසක් අවතැන් වූහ.