අපරාධ රැසකට සම්බන්ධ 5 දෙනෙකු අත්අඩංගුවට‍

අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි 5 දෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට‍

by Staff writer 25-08-2018 | 10:44 AM
COLOMBO (News 1st) - අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 5 දෙනෙකු හික්කඩුවේදී අත්අඩංගුවට‍ ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සැකකරුවන් පසුගිය 10 වන දා තිරණාගම ප්‍රදේශයේදී කඩු, පොලු සහ හෙල්මට් භාවිත කර නිවාස 3 කට පහර දී වීදුරු හා ජනෙල් බිඳ අනර්ථය සිදු කිරීම, ත්‍රිරෝද රථ දෙකකට හා කාර් රථයකට පහර දීම, කාන්තාවකට හා තවත් පුද්ගලයෙකුට පහර දී තුවාල සිදු කිරීම, ගිනිඅවි පෙන්වා සාපරාධී බිය ගැන්වීම සම්බන්ධයෙන් පැමිණිලි ගණනාවක් පොලිස් ස්ථානයට වාර්තා වී ඇති බව ය. ඒ සම්බන්ධයෙන් ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇතැයි ද පොලීසිය සඳහන් කළේ ය. පොලීසිය පැවසුවේ, ඉහත අපරාධවලට අදාළව පොලීසිය පුළුල් විමර්ශන සිදු කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරමින් සිටියදී ඊයේ ඔවුන් පොලිස් ස්ථානයට පැමිණ රිවෝල්වරයක් හා කඩුවක් ද සමග භාර වී ඇති බව ය. ඔවුන් අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.