අගමැති වියට්නාමය බලා පිටත්ව යයි

අගමැති වියට්නාමය බලා පිටත්ව යයි

by Staff writer 25-08-2018 | 7:07 AM
COLOMBO (News 1st) - සංචාරයක් අරඹමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමය බලා පිටත්ව ගියේ ය. අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය පැවසුවේ, සමුළුවක් වෙනුවෙන් සහභාගී වීමට අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා ගිය බව ය. අග්‍රාමාත්‍යවරයා සමග එම සංචාරයට 8 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් එක්ව සිටිති. අද අලුයම සිංගප්පූරු ගුවන් සේවයට අයත් යානයකින් අග්‍රාමාත්‍යවරයා වියට්නාමය බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකාරවරයා සඳහන් කළේ ය.