ජනපති මැදමූලනට

හිටපු ජනපති සොහොයුරුගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනපති මැදමූලනට

by Staff writer 25-08-2018 | 6:54 PM

COLOMBO (News 1st ) - හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරු චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ අවසන් කටයුතු අද සිදු කෙරුණි.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ජනාධිපති ⁣මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ එහි පැමිණියේ ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වීරකැටිය, මැදමූලනට පැමිණියේ ය. ජනාධිපතිතුමා එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා පවුලේ ඥාතීන්ට සිය සංවේගය පළ කළ අතර ජනාධිපතිතුමා, මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතා සමග සුහද කතාබහක ද නිරත විණි. උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ ඇතුළු තව ත් දේශපාලඥයින් රැසක් අද පෙරවරුවේ චන්ද්‍රා රාජපක්ෂ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට එක් ව සිටියහ. අවසන් කටයුතු අද දින මැදමූලන පවුලේ සුසාන භූමියේදී සිදු කෙරුණි. https://www.facebook.com/NewsfirstSL/videos/242252309768412/