කලු සාගරගේ ගෝලයෙකු අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කලු සාගරගේ ගෝලයෙකු අත්අඩංගුවට

by Staff writer 25-08-2018 | 9:16 AM
COLOMBO (News 1st) - පන්නිපිටිය පැලැන්වත්ත ප්‍රදේශයේ ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කලු සාගරගේ සමීපතම ගෝලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව කළ වැටලීමකට අනුව යතුරු පැදියකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුව අත්අඩංගුවට ගත් බව ය. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 75 යි මිලිග්‍රෑම් 630ක්, ජංගම දුරකතන 2ක් හා යතුරු පැදිය පොලීසිය භාරයට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මහරගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු අද ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.