by Staff writer 24-08-2018 | 4:20 PM
COLOMBO (News 1st) - අමෙරිකානු යුද නෞකාවක් අද පෙරවරුවේ ත්‍රිකුණාමල වරායට සේන්දු විය.
මෙරටට පැමිණි එස්.එස්. ඇන්කරේජ් නම් අමෙරිකානු යුද නෞකාව මීටර් 208ක දිගකින් යුක්ත වන අතර මීටර් 32ක පළලින් යුක්ත වේ.
නෞකාවේ ධාරිතාව ටොන් 35,000කි.
මෙය හෙලිකොප්ටර් යානා 6කින් සමන්විත අතර මැරීන් සෙබළුන් ඇතුළු සමාජිකයින් 900 දෙනෙකුගෙන් ද සමන්විත වේ.
ඒකාබද්ධ යුධ අභ්‍යාසයකින් පසු යූ.එස්.එස්. ඇන්කරේජ් නෞකාව ලබන 28 වන දා දිවයිනෙන් පිටත්ව යාමට නියමිත ය.