විගණකාධිපති වැටුප ගැන විගණන සංගමයෙන් චෝදනා

විගණකාධිපති වැටුප ගැන විගණන සංගමයෙන් චෝදනා

by Staff writer 24-08-2018 | 11:11 AM

COLOMBO (News 1st) - විගණකාධිපතිවරයාට හිමි වැටුප අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ප්‍රමාද කිරීම මූල්‍ය යහපාලනය තුරන් කිරීමට ගන්නා වෑයමක් බවට විගණන සේවා සංගමය පවසයි.

එහි සභාපති, නීතිඥ කේ. එන්. එම්. කුමාරසිංහ මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන දැනුම්වත් කිරීමට ද සිය සංගමය පියවර ගන්නා බවයි. මේ සම්බන්ධයෙන් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. ඔහු සඳහන් කළේ, තමන්ට හිමි වැටුප මේ දක්වා පාර්ලිමේන්තුවේදී අනුමත නොවුන ද වැටුප ගැන නොසිතා රට වෙනුවෙන් සිය රාජකාරිය පෙර පරිදිම ඉටු කරන බවයි. විගණකාධිපතිවරයාගේ වැටුප් අනුමත කිරීම සඳහා ඉදිරිපත් කර තිබු යෝජනාවක් ඊයේ පාර්ලිමේන්තුවේදී ආණ්ඩුව ඉල්ලා අස්කර ගෙන තිබේ.