පුත්තලම අවට මුහුදු මාළු ආහාරයට ගැනීම අහිතකර නැහැ

පුත්තලම අවට මුහුදු මාළු ආහාරයට ගැනීම අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කියයි

by Staff writer 24-08-2018 | 10:27 AM

COLOMBO (News 1st) - පුත්තලම සහ අවට මුහුදු ප්‍රදේශවල මසුන් ආහාරයට ගැනීම සෞඛයට අහිතකර නොවන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.

එහි සමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, ඉන්දියාවෙන් ඉවතලන සායනික ද්‍රව්‍ය මුහුදු ජලයට මුසු වුව ද මේ වන විට ඒවා තනුකකරණයකට ලක් ව ඇති බවයි. මේ අතර සායනික ද්‍රව්‍ය ඇතුලු අපද්‍රව්‍ය පුත්තලම වෙරළ තීරයට ගොඩගැසීමෙන් මත්ස්‍ය සම්පතට හානියක් සිදු ව ඇද්ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මක බව නාරා ආයතනය පවසා ඇත. එහි අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කළේ, විශේෂ කණ්ඩායම් කිහිපයක් යොදවා එම විමර්ශන සිදු කරන බවයි. සායනික ද්‍රව්‍ය, මුහුදු ජලයට මිශ්‍ර වී ඇද්ද යන්න සොයා බැලීමට සහ ඉන් සිදුවන හානිය පිළිබඳ විමර්ශනය සඳහා ජල සාම්පල් කොළඹට රැගෙන ආ බව ද ඔහු සඳහන් කළේ ය.