ඕස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක්

මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තීරණයක්

by Staff writer 24-08-2018 | 8:50 AM

මැල්කම් ටර්න්බුල් ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට පාලක ලිබරල් පක්ෂය තීරණය කර තිබේ.

ඒ, අද පැවති ඡන්ද විමසීමකදී යි. මේ අනූව නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වන ඡන්ද විමසීම මේ වන විට පැවැත්වෙනු ඇත. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් ඒ සඳහා තරග වදින බවයි. ඕස්ට්‍රේලියානු නව අග්‍රාමාත්‍යවරයා ලෙස ස්කොට් මොරිසන් පත්වීමට වැඩි ඉඩක් ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.