වැව් 2400ක් ප්‍රතිසංස්කරණය ජනපති මූලිකත්වයෙන් ඇරඹේ

ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩපිළිවෙළ ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹෙයි

by Staff writer 24-08-2018 | 11:48 AM

COLOMBO (News 1st) - එල්ලංගා පද්ධතිය හා බැඳුණු ග‍්‍රාමීය වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය කිරීම සහ වයඹ ඇළ ව්‍යාපෘතියේ දෙවන අදියරේ ඉදිකිරීම් අද ආරම්භ විය.

ඒ, පොල්පිතිගම කුඹුකුලාව වැව් ඉස්මත්තේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. ශ‍්‍රී ලංකාව සතු ගම කේන්ද්‍ර කරගත් වාරි තාක්ෂණය හෙවත් එල්ලංගා ගම්මාන ක‍්‍රමවේදය එක්සත් ජාතින්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානය ද ලොව වැදගත් කෘෂිකාර්මික උරුමයක් ලෙස හඳුනාගෙන තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1798240913600826/