සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

සීමා නිර්ණ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද

by Staff writer 24-08-2018 | 10:14 AM

COLOMBO (News 1st) - පළාත් සභාවල සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද පැවැත් වේ.

පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළේ, උදෑසන 11.00 සිට පස්වරු 6.30 දක්වා විවාදය පැවැත්වීමට නියමිතව ඇති බවයි. සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් වාර්තාව ඊයේ සභාගත කෙරුණි. මැතිවරණය මනාප ක්‍රමයට පැවැත්විය හකි ද? මේ සම්බන්ධයෙන් මැතිවරණ මහ ලේකම් කාර්යාලයෙන් නිව්ස්ෆස්ට් විමසීමක් කළේ ය. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, පවතින නව නීතිය අනූව මනාප ක්‍රමයට මැතිවරණය පැවැත්විය නොහැකි බවයි. අද පැවැත්වෙන විවාදයේදී සීමා නිර්ණ කමිටු යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත නොවුනහොත්, කථානායකවරයා විසින් අගමැති ප්‍රධානත්වයෙන් 5 දෙනෙකුගෙන් සමන්විත සමාලෝචන කමිටුවක් පත් කළ යුතු වන බව ඔහු සඳහන් කළේ ය. එම සමාලෝචන කමිටුව, මාස දෙකක් තුළ සිය වාර්තාව ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ යුතු වනු ඇති. අනතුරුව ජනාධිපතිතුමා විසින් මැතිවරණය පැවැත්වීමට අදාළ අවසන් තීරණයක් ගනු ඇතැයි ද එම නිලධාරියා ප්‍රකාශ කළේ ය. ඔහු පැවසුවේ, වත්මන් නීතිය යටතේ මිශ්‍ර සමානුපාතික ක්‍රමවේදයට මැතිවරණය පැවැත්විය යුතු බවයි.