ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට

ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ අගමැති ධූරයට

by Staff writer 24-08-2018 | 2:20 PM

ස්කොට් මොරිසන් ඕස්ට්‍රේලියාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම්දී තිබේ.

ඒ, මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ධූරය අහිමි වීම හේතුවෙනි. අද පැවති ඡන්ද විමසීමකින් පසු මැල්කම් ටර්න්බුල් පාලක ලිබරල් පක්ෂ නායකත්වයෙන් ඉවත් කිරීම හේතුවෙන් ඔහුට අග්‍රාමාත්‍ය ධූරය ද අහිමි විය. මේ අනූව නව පක්ෂ නායකයා තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවති අතර එහිදී බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබාගත්තේ ස්කොට් මොරිසන් වේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, එරට විදේශ අමාත්‍ය ජූලි බිෂොප්, පීටර් ඩුටන් සහ ස්කොට් මොරිසන් පක්ෂ නායකත්ව සටනට ඉදිරිපත් වූ බවයි.