"අද පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමක් තියනවා"

"අද පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ බිඳ වැටීමක් තියනවා" - දුලිප් මෙන්ඩිස්

by Staff writer 24-08-2018 | 9:30 AM

COLOMBO (News 1st) - පාසල් තුළ ක්‍රිකට් ක්‍රීඩාව ඉහළ මට්ටමකට ගෙන ඒමෙන් ශ්‍රී ලංකාව තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනය කළ හැකි බවට ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක දුලිප් මෙන්ඩිස් මහතා පවසයි.

වත්මන් ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන ඒ මහතා මේ බව පැවසුවේ ස්පෝර්ට්ස්ෆස්ට් සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. ඕමාන් ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු, දුලිප් මෙන්ඩිස්
අවුරුදු ගාණකට ඉස්සෙල්ලා ස්කූල් ක්‍රිකට් කීවාම ලංකාවේ මේ හැම එකක්ම ආසියාවේ හැම එකකින්ම ඉස්සරහට තිබුන තැනක්. අපි ඉස්සර කාලේ බලනකොට අරවින්ද ද සිල්වා ඉස්කෝලේ ඉඳලා කෙලින්ම ආවා නැෂනල් ටීම් එකට. අර්ජුන ආවා නැෂනල් ටීම් එකට. තව සමහර අය ආවා. ගොඩාක් ක්‍රිකට් ක්‍රීඩාකයෝ ආවා. අද මං හිතන්නේ නෑ ඒ වගේ තත්ත්වයක් තියෙනවා කියලා. ඉතිං මේකට හේතුවක් තියෙන්න ඕනේ. එක්කෝ පුහුණු කරන පුහුණුකරුවෝ හරි නැතුව ඇති. එක්කෝ ඒ ගොල්ලො ක්‍රීඩා කරන ක්‍රිකට් ක්‍රීඩාව වන්ඩේ ක්‍රිකට් වැඩි ද? එතකොට ඒගොල්ලන්ගේ ටෙක්නික් එක සාකච්ඡා කරන්නේ නැද්ද? සමහර වෙලාවට ඉන්නවා ටෙක්නික් හරි නැති ක්‍රීඩකයෝ. නමුත් ඒ ගොල්ලන් ඉස්සරහට යන්න පුළුවන්. මේක වාඩි වෙලා කවද ද කවුද කතා කරලා තියෙන්නේ. අපේ ඇත්තටම අපේ බේස් එක ස්කූල් ක්‍රිකට්. ස්කූල් ක්‍රිකට්වලින් තමයි ඔක්කෝම හොඳ ක්‍රීඩකයෝ උඩට ගෙන්නේ. ඉතිං එතන හරියට එන්නෙ නැන්තම් අන්තිමට හරියට එන්නේ නෑ. අන්ඩර් ටුවෙන්ටි ත්‍රී එන්නේ නෑ. එතනින් ඉස්සරහට එන්නේ නෑ. සමහර ඒ ගොල්ලෝ එතනින්ම හැලෙනවා. ඉතිං ඒ ගොල්ලෝ බැලුවේ නැත්නම් මේ නැෂනල් ලෙවෙල් එකට එන්නේ නෑ ක්‍රීඩකයෝ
https://www.facebook.com/NewsfirstSL/videos/267765630521419/