ස්වර්ණාභරණ රැගෙනා ආ කාන්තාවන් සිව්දෙනාට වැඩ වරදී

ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 23-08-2018 | 8:32 AM

COLOMBO (News 1st) - නීති විරෝධීව මෙරටට රැගෙන ආ ස්වර්ණාභරණ තොගයක් සමග කාන්තාවන් සිව්දෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රේගු අත්අඩංගුවට පත් ව තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ඔවුන් සිංගප්පූරුවේ සිට මුම්බායි හරහා දිවයිනට පැමිණ ඇති බවයි. සොයාගත් ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් 95 ලක්ෂ 71320 කි. ඔවුන් පිළියන්දල, බත්තරමුල්ල සහ මුල්ලේරියාව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් ය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ. https://www.facebook.com/NewsfirstSL/videos/461149494373119/