පසුගිය මාස 6 තුළ මත්පැන් අලෙවිය පහතට

පසුගිය මාස 6 තුළ මත්පැන් අලෙවිය පහතට

by Staff writer 23-08-2018 | 10:19 PM
COLOMBO (News 1st) - පසුගිය මාස හයේදී මත්පැන් අලෙවිය 11%කින් පහත වැටී ඇතැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මේ අතර අද පාර්ලිමේන්තුවට ගෙන ආ සංශෝධනයකින් මත්පැන් බෝතල් සඳහා විශේෂ ස්ටිකරයක් හඳුන්වා දීමට යෝජනා කෙරිණි. මුදල් ඇමතිවරයා පැවසුවේ, මෙමගින් රුපියල් බිලියන 20කට වැඩි ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වන බව ය.