උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙයි

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම ඇරඹෙයි

by Staff writer 23-08-2018 | 2:12 PM

COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම අද ආරම්භ විය.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ, ලබන 5 වන දා දක්වා උත්තර පත්‍ර ඇගයීම සිදුවන බවයි. ඒ වෙනුවෙන් දිවයින පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථාන ගණන 37 කි. අද විෂයන් 28 ක පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කර ඇත. විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, අනෙක් විෂයන්වල පිළිතුරු පත්‍ර ඇගයීම විභාගය අවසන් වීමෙන් පසු සිදු කරන බවයි.