අර්ධ සුඛෝපභෝගී බස් ඉවත් කිරීම ගැන සෙවීමට කමිටුවක්

අර්ධ සුඛෝපභෝගී බස් සේවය ඉවත් කිරීම පිළිබඳ සෙවීමට විශේෂ කමිටුවක්

by Staff writer 23-08-2018 | 6:27 AM

COLOMBO (News 1st) - අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය ඉවත් කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කර ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්. ඒ. පී. හේමචන්ද්‍ර මහතා සඳහන් කළේ, අර්ධ සුඛෝපභෝගී සේවාවල නිරත බස් රථ, සාමාන්‍ය සේවා සඳහා හෝ සුඛෝපභෝගී සේවා සඳහා යෙදවීමට බස් හිමියන්ට අවස්ථාව දී ඇති බවයි. ඊට අදාළ කරුණු විමසීම් මේ දිනවල සිදුවනු ඇති. බස් හිමියන් 50 දෙනෙකු මේ වන විටත් සේවා මාරු කිරීම සම්බන්ධයෙන් කරුණු දක්වා ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේ ය. එම සියලු කරුණු ඇතුළත් වාර්තාව භාරදීමෙන් පසු අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත.