මහජන බැංකු අධ්‍යක්ෂ අමරතුංගගෙන් බදු පැහැර හැරීමක්

මහජන බැංකු අධ්‍යක්ෂ ජෙහාන් අමරතුංගගෙන් රු. ලක්ෂ 34ක බදු පැහැර හැරීමක්

by Staff writer 23-08-2018 | 8:09 PM
COLOMBO (News 1st) - මහජන බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු තමන් අධ්‍යක්ෂ ධූරයක් දරණ වෝර්කර්ස් සමාගමට රුපියල් කෝටි 1000ක ණය මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් අපි පසුගියදා විශේෂ අනාවරණයක් කළෙමු. ජෙහාන් අමරතුංග නමැත්තා අධ්‍යක්ෂ ධූරයක් දරණ එම්.ටී.ඩී. වෝර්කර්ස් සමාගමට අනුබද්ධ සමාගමකින් රජයට අය විය යුතු රුපියල් ලක්ෂ 34ක බදු මුදල් ගෙවීම් පැහැර හැර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මහතා පවසයි. මේ ගැන කළ විමසීමකදී මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ, අධ්‍යක්ෂකවරුන් තමන් තනතුරු දරණ බැංකුවෙන් ණය ලබා ගැනීමට බාධාවක් නැති බව ය. නමුත් එම ණය ලබා දීම සඳහා පිළිගත හැකි ඇපයක් අවශ්‍ය වනවා මෙන් ම ණය නැවත ගෙවීමේ හැකියාව ද සලකා බැලිය යුතුව තිබිණි. රුපියල් ලක්ෂ 35කට ආසන්න හිඟ මුදලක් රජයට ගෙවීමට ඇති, එමෙන්ම 2015 වසරේ සිට ජල සහ විදුලිය බිල්පත් ගෙවා නැති සමාගමක් හෝ එහි මව් සමාගම රුපියල් කෝටි දහසක ණයක් ලැබීමට සුදුස්සෙක් වන්නේ කෙසේ ද ?