පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ

පෞද්ගලික රෝහල් මිල ලබන සතියේ නියාමනය කරන බව සෞඛ්‍ය ඇමති කියයි

by Staff writer 23-08-2018 | 10:05 AM

COLOMBO (News 1st) - පෞද්ගලික රෝහල් මිල නියාමනය ලබන සතියේ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඒ යටතේ විවිධ අයකිරීම් 53 ක මිල නියාමනය කරන බව ය. මිල නියාමනය කිරීමේ අවසන් ලැයිස්තුව කඩිනමින් ලබා දෙන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය. වාර්තාව ලැබුණු පසු මිල නියාමනය ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසූවේ, සැත්කම්, රසායනාගාර පරීක්ෂණ, දරු ප්‍රසූත ඇතුලු විවිධ අයකිරීම් මෙහිදී නියාමය කරන බව යි.