ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය හෙට

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය හෙට

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප්‍රථම නඩු විභාගය හෙට

කර්තෘ Staff writer

23 Aug, 2018 | 6:42 am

COLOMBO (News 1st) – ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප‍්‍රථම නඩුව හෙට කැඳවීමට නියමිතව ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම විශේෂ මහාධිකරණය පිහිටවනු ලැබුවේ, නඩු ප්‍රමාදවීම මගහැරවීමේ අරමුණිනි.

නීතිපති ජයන්ත ජයසුරීය මහතා සඳහන් කළේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත් මහතා ඇතුලු සිව්දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව විශේෂ මහාධිකරණය හමුවේ ප්‍රථමයෙන් කැඳවීමට නියමිතව ඇති බවයි.

ලිට්ට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාදි පරිහරණය ඇතුලු අධිචෝදනා 24 ක් යටතේ මෙම නඩුව පවරා තිබේ.

ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල වන කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාගයට ගැණෙනු ඇති.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා ප්‍රකාශ කළේ, විශේෂ මහාධිකරණයේ අධිකාරී පත‍්‍රය කොළඹ මහාධිකරණයේ ප‍්‍රධාන ලේඛධිකාරීවරයාට භාරදී ඇති බවයි.

ඒ අනුව හෙට සිට එහි නඩු විභාග කිරීම සඳහා නීතිමය අවසරය හිමි ව තිබේ.