ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායකවරු තේරීමට කමිටු පත්කෙරේ

ශ්‍රී.ල.නි.ප ආසන සංවිධායකවරු නොමැති දිස්ත්‍රික්කවලට ආසන සංවිධායකවරු තෝරා ගැනීමට කමිටු පත් කෙරෙයි

by Staff writer 22-08-2018 | 4:54 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරු නොමැති දිස්ත්‍රික්ක සඳහා ආසන සංවිධායකවරු තෝරා ගැනීමට කමිටු පත් කර තිබේ.

පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ, ආසන සංවිධායකවරු සඳහා ඉල්ලුම් කරන ලද අයගේ අයැදුම්පත් පරීක්ෂා කර බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට එම කමිටුවලට පවරා ඇති බවයි. ඉන් අනතුරුව අදාළ නිර්දේශ ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. යාපනය දිස්ත්‍රික්කය, නැගෙනහිර පළාත, වයඹ පළාත, දකුණු පළාත, ගාල්ල දිස්ත්‍රික්කයන්හි ආසන සංවිධායකවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතව ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේ ය.