වඳුරඹදී නිධන් හැරූ පුද්ගලයින් 16 දෙනෙකුට වැඩ වරදී

වඳුරඹදී නිධන් හැරූ පුද්ගලයින් 16 දෙනෙකුට වැඩ වරදී

by Staff writer 22-08-2018 | 3:49 PM

COLOMBO (News 1st) - වේයන්ගොඩ, වඳුරඹ ප්‍රදේශයේ විහාරස්ථානයකට අයත් ඉඩමක නිධන් හැරූ සැකකරුවන් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, අදාළ විහාරස්ථානයට අයත් පිං කුඹුර නැමති ස්ථානයේ නිධානයක් හාරා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත පැවැත් වූ විමර්ශනයකින් අනතුරුව මෙම පිරිස අත්අඩංගුවට ගත් බවයි. අදාළ සැකකරුවන් එම ස්ථානයේ අඩි 12 ක පමණ වලක් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් හාරා ඇති අතර එම යන්ත්‍රය මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩබිමක සේවය සඳහා යොදා ගැණුනක් බවට අනාවරණය කර ගැනීමට පොලීසිය සමත් වී ඇත. ඉන් අනතුරුව එහි රියැදුරා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි. ඔවුන් අද අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිත වේ.