කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී

කණ්ඩලමේ මුවෙක් දඩයම් කෙරූ තිදෙනෙකුට වැඩ වරදී

by Staff writer 22-08-2018 | 5:46 PM

COLOMBO (News 1st) - දඹුල්ල කණ්ඩලම වැව් රක්ෂිතයේ මුවෙකු මරා මස් කිරීමට සුදානම්ව සිටි තිදෙනෙකු දඹුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් කණ්ඩලම තලවගහඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. පොලීසියට ලද තොරතුරක් මත ඊයේ රාත්‍රියේ සිටි වටලා සිටි පොලීසිය අද පෙරවරුවේ සැකකරුවන් අත්අඩංගුවට ගත්තේ දැඩි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුවයි. සැකකරුවන් තිදෙනා සමග සතුන් දඩයම් කිරීමට යොදා ගන්නා පතොරොත් තුවක්කුවක් සහ ජීවි උණ්ඩ පොලිස්භාරයට ගැණිනි. සැකකරුවන් අද දඹුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 27 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. https://www.facebook.com/NewsfirstSL/videos/448980968932155/