ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 21-08-2018 | 6:48 AM
COLOMBO (News 1st)

දේශීය පුවත්..

1. රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට කමිටුවක් : සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබේ. 2. ආණමඩුව ආපනශාලාව වැනසූ මැර කල්ලියේ 3ක් අත්අඩංගුවට : පසුගිය 18 වන දා රාත්‍රියේ ආණමඩුව, ආඩිඟම ප්‍රදේශයේ ආපන ශාලාවකට කඩාවැදී එහි දේපොළවලට හානි කළ සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනිණ. 3. හිටපු ජනපතිගෙන් ගත් ප්‍රකාශය අද අධිකරණය හමුවට : මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ලබාගත් ප්‍රකාශය ඊයේ ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කෙරුණි. 4. වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් යළි විරෝධතාවයේ : වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් ඊයේ යළි විරෝධතාවක නිරත වූහ. 5. ත්‍රිරෝද රථ සේවා නියාමනයට කොමිසමක් : කුලී ත්‍රිරෝද රථ සේවා නියාමනය සඳහා නියාමන කොමිසමක් පිහිටුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පැවසී ය. 6. කීත් නොයාර්ගේ සිද්ධිය ගැන ප්‍රකාශ කළේ කිසිදු පාර්ශවයක් ගැන ද්වේශ සහගත හැඟීමකින් නොවේ”: මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා පොලීසිය වෙත ප්‍රකාශයක් ලබාදුන්නේ , කිසිදු පාර්ශවයක් පිළිබඳ ද්වේශ සහගත හැඟීමකින් නොවන බව කථානායක කරූ ජයසූරිය මහතා අවධාරණය කරයි.

විදෙස් පුවත්...

1. ඊජිප්තු වැසියන්ගේ අන්තර්ජාල භාවිතට තහංචි : ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එරට අන්තර්ජාල භාවිතය දැඩි කෙරෙන නව නීතියක් සඳහා අත්අසන් තබා තිබේ. ඊජිප්තු වැසියන්ගේ අන්තර්ජාල භාවිතට තහංචි ඊජිප්තු බලධාරීන් උපුටා දක්වමින් විදසේ මාධ්‍ය වාර්තා කරන්නේ, සයිබර් අපරාධ පාලනය මැඩලීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දී ඇති බවයි. 2. කේරළයේ ගංවතුරින් ලක්ෂ 8ක් අවතැන් : ගංවතුර හමුවේ ඉන්දීය කේරල ප්‍රාන්තයේ අට ලක්ෂයකට වැඩි පිරිසක් අවතැන්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා වේ. එම වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ ගංවතුරෙන් කේරලයේ යටිතල පහසුකම්වලට සිදුවු හානිය අමෙරිකානු ඩොලර් බිලියන 3 කට ආසන්න බවයි.