කළහ කළ වැලිකඩ කාන්තා රැඳවියන් ගැන විමර්ශන

කළහකාරිව හැසිරුණු වැලිකඩ කාන්තා රැඳවියන් ගැන විමර්ශන

by Staff writer 21-08-2018 | 8:02 AM
COLOMBO (News 1st) :  වැලිකඩ බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරුණු කාන්තා රැඳවියන් සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයෙකු යටතේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා පැවසුවේ, ඊයේ පස්වරුවේ කළහකාරී ලෙස හැසිරුණ කාන්තා රැඳවියන් සම්බන්ධයෙන් පොදු දේපළවලට හානි කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට ද පියවර ගන්නා බවයි. මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තා රැඳවියක වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට විරෝධය පළ කරමින් ඊයේ පස්වරුවේ ඔවුහු කළහකාරිව හැසිරුණහ. ඒ බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහළ මත නැගීමෙන් අනතුරුවයි. කළහකාරිව හැසිරුණු කාන්තා රැඳවියන් 50 දෙදෙනෙකු කළුතර , ගාල්ල සහ තවත් බන්ධනාගාර කිහිපයකට මාරුකර යැවිණ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඊයේ පස්වරුවේ කළහකාරිව හැසිරුණු කාන්තා රැඳවියන් 100 දෙනෙකුට අධික පිරිසක් සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි.