වැලිගම හෝටලයක වෙඩි තැබීමක්

by Staff writer 20-08-2018 | 1:36 PM

COLOMBO (News 1st) : වැලිගම හෝටලයක සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු සමග ගිනි අවි දෙකක් අත්අඩංගුවට ගෙන තිබේ.

වෙඩි තැබීම සිදුව ඇත්තේ, ඊයේ රාත්‍රී 11.00 ට පමණයි. පොලීසිය පැවසුවේ, එම ස්ථානයේ තිබී රිවෝල්වර් උණ්ඩ 7 ක් හා හිස් පතුරම් 3 ක් ද සොයා ගත් බවයි. හෝටලයේ සාදයක් පවත්වමින් සිටි පුද්ගලයින් 6 දෙනෙක් අතර ඇති වූ බහින් බස්වීමකින් දුරදිග යාමෙන් මෙම වෙඩි තැබීම සිදු වන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.