වැලිකඩ කාන්තා රැඳවියන් යළි ත් විරෝධතාවයේ

වැලිකඩ කාන්තා රැඳවියන් පිරිසක් යළි විරෝධතාවයේ

by Staff writer 20-08-2018 | 6:16 PM

COLOMBO (News 1st) - වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් මේ වනවිට යළි විරෝධතාවක නිරත වේ.

අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේ, මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කාන්තා රැඳවියක් වෙනත් බන්ධනාගාරයකට මාරු කර යැවීමට විරෝධය පළ කරමින් එම පිරිස විරෝධතාවයේ නිරත වන බවයි. අද පස්වරු 4.00 ට පමණ මෙම කාන්තා රැඳවියන් බන්ධනාගාරයේ ගොඩනැගිල්ලක වහලයක් මත නැගි විරෝධතාව ආරම්භ කළහ. මේ වනවිට වහලය මත කාන්තා රැඳවියන් 10 දෙනෙකුට ආසන්න පිරිසක් රැදී සිටින බව එම නිලධාරියා පැවසුවේ ය. https://www.facebook.com/NewsfirstSL/videos/278779516274710/