රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කිරීමට කමිටුවක්

by Staff writer 20-08-2018 | 9:41 AM
COLOMBO (News 1st): සමස්ත රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සම්බන්ධයෙන් කමිටුවක් පත්කර තිබේ. නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවේ, මුදල් අමාත්‍යවරයා විසින් එම කමිටුව පත්කිරීම සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. ඊට අදාළව දුම්රිය සේවකයින්ගේ ද වැටුප් විෂමතා ඉවත් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.