ඇසළ පෙරහැර වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් හෙට සිට විශේෂ දුම්රිය සේවාවක්

by Staff writer 20-08-2018 | 4:48 PM

COLOMBO (News 1st) - මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් හෙට සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරි විජය සමරසිංහ මහතා සඳහන් කළේ, ඒ අනුව හෙට සිට ලබන 25 වන දින දක්වා කොළඹ කොටුව සහ මහනුවර අතර විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක බව ය. එම දිනවල උදෑසන 9.50 ට කොළඹ කොටුවෙන් මහනුවර දක්වා දුම්රියක් ධාවනය වන අතර එය පස්වරු 01.15 ට මහනුවරට ළඟා වනු ඇති. එමෙන් ම මහනුවර සිට පෙරවරු 11.45 ට කොළඹ කොටුවට සහ නාවලපිටිය දක්වා දුම්රිය දෙකක් ධාවනයට සැලසුම් කර තිබේ. ලබන 26 වන දින කොළඹ කොටුවෙන් උදෑසන 7.05 ටත් මහනුවරින් රාත්‍රි 7.00 ටත් දුම්රිය දෙකක් ධාවනයට යොදවා ඇති බව විජය සමරසිංහ මහතා සඳහන් කළේ ය.