පේරාදෙණියේ මාරක රිය අනතුරක්

පේරාදෙණියේ මාරක රිය අනතුරක්

by Staff writer 20-08-2018 | 7:06 AM
COLOMBO (News 1st) : පේරාදෙණිය, හිඳගල මාර්ගයේදී යතුරු පැදියක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, ගලහ වටරවුම දෙස සිට හිඳගල දෙසට ධාවනය වූ යතුරු පැදිය අද අලුයම එකට පමණ විශ්වවිද්‍යාල පරිශ්‍රයේ, අල්විස් වටරවුම තුළ පිහිටි පොකුණට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරුවන් රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබේ. එලෙස මියගොස් ඇත්තේ, පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි 36 හා 37 යන වයස්වල පසු වූ පුද්ගලයින් දෙදෙනෙකි.