දැඩි සුළං තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු

දැඩි සුළං තත්ත්වය ක්‍රමයෙන් පහව යන ලකුණු

by Sagarika Chathumali 20-08-2018 | 6:50 AM
COLOMBO (News 1st) : දිවයිනේ පවතින වැසි හා සුළං තත්ත්වය අද රාත්‍රියේ සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව පැවසුවේ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන අතර බස්නාහිර පළාත, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලද සිහින් වැසි ඇතිවිය හැකි බවයි.