"ඡන්දය ප්‍රමාද කිරීම ගැන රජය වගකිව යුතුයි"

ඡන්දය ප්‍රමාද කිරීම ගැන රජය වගකව යුතු බවට ජාතික මැතිවරණ කොමිෂන් සභාවෙන් චෝදනා

by Staff writer 20-08-2018 | 6:04 PM

COLOMBO (News 1st) - ඡන්දය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් රජය වගකව යුතු බව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ, අද උදෑසන පැවති පැතිකඩ වැඩසටහනට එක් වෙමිනි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, මහින්ද දේශප්‍රිය,
මේ සම්බන්ධයෙන් වැදගත් නඩු තීන්දුවක් තියෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර්වල මේ නඩුව ප්‍රකාශ වුනා. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ප්‍රමාදවීම් සම්බන්ධයෙන් ඒ නඩුවේදී පළාත් පාලන ඇමතිවරයා මැතිවරණ කොමිෂන් සභාවත් වැරදිකාරයෝ කරලා වගඋත්තරකාරයෝ කරලා තිබ්බේ. අපි පෙනී හිටියා නඩුවට අපි කිවුවා අමාත්‍යවරයා අනුමත කරලා පනතේ සංශෝධනයක් කෙරෙන කල් කොමිෂන් සභාවට ඡන්දය තියන්න බෑ කියලාත් ගරු ශ්‍රේෂ්ඨාධීකරණයේ තීන්දුවේ තියෙනවා මෙම ඡන්දය ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව නැතොත් රජය වගකිව යුතුයි කියලා දැන් කියනවා අර්ථනිරුපණ ආඥාපනත යටතේ නව පනත බලාත්මක කැ කියලා. ඒ කියන අපි ඔක්කොටම කියලා තියෙනවා කරුණාකරලා මේක අපිට ලිඛිතව දෙන්න කඩදාසියක්. අපි ගාව කඩදාසියක් තියෙනවා අපි කාටහරි කියන්න. ඒ කඩදාසිය දෙන්නේ නැ. අපි කැමතියි ඔක්තොම්බර් මාසේ මේ සේරම ඉවරවුනොත් අපිට 2018 ඡන්දේ හිමි නාම ලේඛණේ සහතික වෙනවා. එතකොට අපිට මේ අවුරුද්දේ අග එහෙම නැත්තන් ලබන අවුරුද්දේ මුල මේ පළාත් සභා විසිරෙන පළාත්සභා 3ක් විසිරිච්ච 3 ත් 6ම එක්වර තියන්න පුලුවන්. ඕනනම් මාර්තු මාසේ විසිරෙන්න තියෙන සභා 2 ත් එතන්ට අරගෙන සභා 7ක් අපට එකතැන තියන්න පුලුවන්. ඡන්දේ හිමි නාම ලේඛණය අපි අවුරුදු පතා සකස් කරනවා. 2018 දී වැඩි වෙන්නේ 140,000 යි. ලංකාවේ ඡන්ද වැඩිවීම ඇත්තටම මේක ලක්ෂ 2 කට වැඩි ප්‍රමාණයක් වෙන්න ඕනෑ. ඒක නිසා සැප්තැම්බර් 6 වෙනිදාට කළින් ඔබේ නම ඡන්ද ලැයිස්තුවේ නැත්නම් අපි එකේ ඩ්‍රාෆ්ට් එක අපේ වෙබ් එකේ දාලා තියෙනවා. ග්‍රාම නිලධාරින් ගාව තියෙනවා. පරීක්ෂා කරලා බලලා කරුණාකරලා මැතිවරණ කාර්යාලයට ලියන්න. සමහර වෙලාවට ජනවාරි 9 වෙනිදායින් පස්සේ තියෙන ජනාධිපතිවරනේ කවදා තියයිද කියලා කියන්න බැ. ඒකටත් ඡන්දේ දාන්න බැරි වෙනවා