ගල්කිස්සේදී මත්ද්‍රව්‍ය සමග 28 දෙනෙකු අත්අඩංගුවට

ගල්කිස්සේදී කළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 28 දෙනෙකු අත්අඩංගුවට

by Staff writer 20-08-2018 | 4:32 PM

COLOMBO (News 1st) - පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් සහ සැකකාරියන් 28 දෙනෙකු ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගල්කිස්ස හෝටලයක් අසළ පොලිස් මාර්ග බාධකයේදී යි. එම හෝටලයේ පැවති සාදය සඳහා සහභාගිවීමට පැමිණි පිරිසක් අයිස් නමැති මත්ද්‍රව්‍ය, මත්පෙති සහ නීති විරෝධී දුම්වැටි තොගයක් සමග එලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 19 - 45 අතර වයසේ පසුවන බව පොලීසිය සඳහන් කළේ ය. සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉන් 15 දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහායිල් මහතා නියෝග කර තිබේ. සෙසු සැකකරුවන් දඩ සහ ඇප මත මුදා හැරිණි.